Saturday, May 09, 2026
Follow Us
දක්ෂිණ අධිවේගය භාවිතාකරන රියැදුරන්ට දැනුම්දීමක්

තාවකාලිකව වසා දැමුණු කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අද (5) උදෑසන 8 සිට සාමාන්‍ය පරිදි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

කඩුවෙල අන්තර් හුවමාරු පිවිසුමේ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර තත්ත්වය පහව යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සඳහා මාතර හා කඩවත පිවිසුම් මාර්ග විවෘත කළ බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.