Saturday, May 09, 2026
Follow Us
කටාර් රැකියා දෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් රැස් කරමින්, රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට ගම්පොල පොලිස් ස්ථානයේ කාන්තාව රඳවා සිටින අතර අද අධිකරණය වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.