අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ.
ලිංගික සංසර්ගයට කැමැත්ත පළ කිරීමේ අවම වයස පිළිබඳ වයස අවුරුදු 14-16ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නොමැති බව සමීක්ෂණයකදී හෙළිවී තිබේ.
Lighting up of the City began yesterday starting from the Presidential Secretariat Street.
අනාගතය කෙරෙහි විශ්වාසයක් නොමැතිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පමණ පසුගිය සමයේ සියදිවි හානි කරගෙන ඇති බව මල්වතු අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පවසති.
සවුදි අරාබියේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් යානයක් තුළ බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළැයි කියන ඉන්දියන් ජාතික තරුණයකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (14) නියෝග කළේය.
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨය සහ උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද සාවද්‍ය තොරතුරු සඳහා ප්‍රතිචාර දැක්වීම සහ සාවද්‍ය තොරතුරු ප්‍රත්‍යස්ථතාව ගොඩනැගීමේ සම්මන්ත්‍රණය පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මත්කුඩු ජාවාරම හා පාතාලය මේ රටින් තුරන් කිරීම සදහා හෙට (17) අලුයම සිට සතියක් පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අද (16) අම්බලන්ගොඩදී පැවසීය.
නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.
අයහපත් කාළගුණික තත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
2024 ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.
බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක ඊයේ(16) රාත්‍රියේ කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ධීවර දිනට සමගාමීව පැවැත්වෙන සැමරුම මෙවර යාපනය ගුරු නගර් කේන්ද්‍ර කරගනිමින් මේ මස 18 හා 19 යන දෙදිනදී යාපනයේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ.
ආනයනික බිත්තර තොගයක් අද (17) රාත්‍රියේ දිවයිනට ගෙන්වන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි.
පර්යේෂණ බුද්ධි ඒකකය (Research Intelligence Unit -RIUNIT) විසින් සකස් කළ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී වෙළෙඳපොළ ප්‍රවණතා ප්‍රතිපත්ති පත්‍රිකාව එළිදැක්වීම අද (15) කොළඹ දී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
පාසල් සිසුන් මත් උවදුරින් වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නැංවීමට යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධ බලධාරීන් හා පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ (13) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Page 84 of 726