නාගරික ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.
ආන්දෝලනයට ලක්ව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය ආදාහනය කිරීමට අවසර දෙන්නැයි එම පවුලේ සාමාජිකයෝ අධිකරණයෙන් ඊයේ (9) ඉල්ලීමක් කළහ. එම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය, දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය ආදාහනය කිරීමට අවසර දිය හැකිදැයි සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස අදාළ මරණයට හේතුව තීරණය කිරීමට පත්කළ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් කමිටුවට නියෝග කළාය.
ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කෝපායී ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශතසංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන අතර සියලු ම ශ්‍රේණිවලට එය අදාළ වන බවත් සිසුන්ට විභාග සමත් වීමට එසේ දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
දුම්රිය නියාමකවරයෙක් සහ මාළිගාවත්ත අංගනයේ සේවකයෙකු අතර හටගත් ගැටුමක් හේතුවෙන් නියාමකවරුන් දුම්රිය අංගනය වෙත යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව 11 වන වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය මෙවර ගාල්ලේදී ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (12) ආරම්භ වීමට නියමිතයි.
පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් සුවනාරී සායන සහ පිළිකා කළින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානවලට අමතරව මුළු දිවයිනම ආවරණය වන පරිදි පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ රජයේ රෝහල්වල පියයුරු සායන 30ක් අලුතින් ආරම්භ කළ බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පැවසීය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සහ ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්විණි.
දෙණියාය හෑන්ෆඩ් ප්‍රදේශයේ කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් සුදු සීනි දුඹුරු සීනි සමග මිශ්‍රකර ඇසුරුම් කර දුඹුරු සීනි ලෙස වෙළෙඳ පොළට අඩු මිලට බෙදාහරින කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා සීනි කිලෝ 2000 ක් සහ ඒ සදහා යොදා ගන්නා උපකරණ රැසක් අද සවස අත් අඩංගුවට ගත් බව කොටපොළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
දිවයින පුරා තෝරාගත් ස්ථානයන්හි නෙල්ලි පැළ 28,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව දියත් කර තිබේ. මේ අනුව, එක් දිස්ත්‍රික්කයකට පැළ 1,000 බැගින් දිස්ත්‍රික්ක 25 සඳහා පැළ 25,000ක් සිටුවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර ඉතිරි පැළ 3,000 මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීම මත කැලණි ගං ද්‍රෝණියේ තෝරාගත් ස්ථානයන්හි සිටුවීමට සැලසුම් කර තිබේ.
බසය ගස යට නවත්වා මඟීන් ගනිමින් ඉඳලා
කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී නුග ගසකට බද්ධ වූ රෙබරෝසියා ගසක් මඟී බස් රියක් මතට අද (6) අලුයම ඉදිරී වැටීමෙන් බසයේ ගමන් කරමින් සිටි 5 දෙනකු මියගොස්, 4 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මේ අනතුරින් මියගිය මඟීන් පස් දෙනාම පිරිමි අය වන අතර, වැලිසර පදිංචි අරුණ ප්‍රනාන්දු, මාතලේ පදිංචි එච්.එම්.එස්.බී. රත්නායක, පෑලියගොඩ පදිංචි බාලක්‍රිෂ්ණන් සිවකුමාර් සහ යූ.එස්. ප්‍රියරංජන, ඩී.ඒ.ඒ. චතුරංග යන අය මෙලෙස මරණයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
බස් රිය අනතුරට පත් වන අවස්ථාවේ එහි මඟීන් 17ක් පමණ ගමන් කර ඇත. බසය මතට ගස වැටීමෙන් බසය මැදින් දෙකට නැවී තැළී තිබිණි. මේ බසය කොළඹ සිට මතුගම බලා ධාවනය වෙමින් තිබියදී උදේ 6.15 ට පමණ අනතුර සිදු වී තිබේ. දෙණියායෙන් අලුයම 1.30ට පිටව ඇති බසය බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළ වෙත පැමිණ, පසුව නැවත අලුයම 5.45ට මතුගම ඩිපෝව බලා ධාවනය වෙමින් තිබියදී මේ අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ කොටුවෙන් ගමන් ආරම්භ කර මිනිත්තු 20කට පමණ පසුවය. ගස වැටෙන අවස්ථාවේ එම බසය ගස අසල නවතා එයට මඟීන් නංවාගැනීමට සූදානම් වී ඇත. බයය මතට ගස වැටී ඇත්තේ ඒ ස්ථානයේ බස් රථය නතර කර තත්පර කීපයක් අතරතුරදීය.
මිය ගිය අය සියලු දෙනාම පාහේ රැඳී සිට ඇත්තේ ගසේ කඳ බසය මතට වැටුණු ස්ථානය අසල අසුන්වල බවද මූලික විමර්ශනවලදී පෙනී ගොස් ඇත. ඇතැම් මඟීන් ගස බසය මතට පතිත වන අවස්ථාවේ එය දැක බසයෙන් පැන දිවගොස් ඇති අතර, ඇතැම් අය බසය තුළ සිර වී සිට ඇත. එසේ සිර වී සිටි අය පිටතට ගැනීමට ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දරමින් බසයේ තහඩු පවා කපා ඉවත් කිරීමට සිදුව තිබිණි. බසය මතට වැටී තිබුණු ගස පැය කිහිපයක් තුළ ඉවත් කර මාර්ගයේ වාහන ගමනාගමනයට කඩිනමින් ඉඩ සැලසීමට ආරක්ෂක අංශ සහ කොළඹ මහා නගර සභා සේවකයන්ද ගිනි නිවන සේවා නිලධාරීන්ද යුහුසුලුව ක්‍රියා කරන අයුරු දක්නට ලැබිණි. අනතුරෙන් පසුව බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තර කොල්ලුපිටිය පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය. මේ අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශන පවත්වයි.
ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන මත්පැන් සිල්ලරට විකිණීමේ සියලුම සුරාබදු බලපත්‍රලත් ස්ථාන අද (03) දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අමනාප වූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි
ඉතාලියේ සිට මෙරටට ගුවනින් ගෙනවන ලදුව රේගු අත්අඩංගුවට පත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් අද (03) මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ඉතා සූක්ෂ්ම ලෙස බිස්කට් ඇසුරුම් තුළ සගවා ගෙන්වීමේ දී රේගුවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය වෙත ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
Page 85 of 718