ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම - 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය ඊයේ (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
රෝහල් පරිශ්‍ර තුළ කෙතරම් යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය කළ ද සෞඛ්‍ය සේවාවේ ඉලක්ක ජයගත හැකි සීමාවන් පවතින බැවින් වැඩිම අවධානය යොමු කළ යුතු වන්නේ ජනතාව රෝහල් ගතවීම අවම කිරීමටත්, රෝග ව්‍යාප්තිය වළක්වාලීමටත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදහස් දක්වමින් පැවසී ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස සෞඛ්‍ය සේවාවේ සියළුම අංශ මෙහෙයවනු ලබන්නේ රෝග නිවාරණය සහ රෝහල් ගතවීම අවම කිරීම සඳහා බව අවධාරණය කල අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය ට මෙරට ජනතාව සමග එක්ව සිදු කිරීමට බැරෑරුම් කටයුත්තක් තිබෙන බව ද පැවසී ය. එම කටයුත්ත දිනකින් දෙකකින් අවසන් වන කාර්යක් නොවන බවත්, ඒ සදහා යම් කාලයක්, අඛණ්ඩව අභියෝගයන් ට මුහුණ දෙමින් ධෛර්ය සම්පන්නව කළ යුතු කාර්යක් මෙන් ම මෙරට සියළු දෙනාම නිසි අවබෝධයෙන් තමන්ගේ වගකීම ඉටුකළ යුතු කාර්යක් බවද පැවසූ අමාත්‍යවරයා එය කළහොත් ප්‍රතිකාර අංශයට එයින් සහනයක් ලැබෙන බව ද අවධාරණය කර සිටියේ ය.
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෑම අවස්ථාවකම රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දත්ත මත පදනම්ව තීන්දු තීරණ ගන්නා බවත්, ඒ ඇසුරින් කාලීන වැඩසටහන් සකස් කරන බවත් සිහිපත් කළ අමාත්‍යවරයා මෙරට ජනතාව රෝග වලින් ආරක්ෂා වීමට, රෝග පැතිරීම වළක්වාලීමට, රෝග අවම කරගත් ජීවිතයක්, සුව දිවියක් ඇති කර ගැනීම සඳහා මෙම දැනුවත් කිරීම් වැඩසටහන් ඉතා වැදගත් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.
“සුවබර දිවියක් - සතුටුමත් ජීවිතයක්” යන්න ප්‍රධාන තේමාව කරගනිමින් අද දිනය පුරා පැවැත්වෙන මෙම ප්‍රජා සුව සැණකෙළිය පාසල් දරුවන්, තරුණ ප්‍රජාව, සෞඛ්‍ය වෘත්තිකයන් සහ මහජනතාවට සුව සතුටින් පිරි දිවි පෙවෙතකට සෞඛ්‍ය අධ්‍යාපනික දැනුම බෙදා දෙන ප්‍රමුඛතම වැඩසටහනක් වේ.
මෙම අවස්ථාවට විද්‍යා හ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න යන මහත්වරුන් මෙන් ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍යරුන්, වෛද්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන සහ මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල නියොජිතයින්, විශ්ව විද්‍යාල, ආරක්ෂක අංශ නියෝජනය කරමින් පිරිසක් ද මහජනතාව ද සහභාගි වූහ.