Thursday, November 06, 2025
Follow Us
Social and Equity

අද (ජුනි 19) සිට ජුනි 23 දා දක්වා කොළඹදී පැවැත්වෙන " Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ශ්‍රී ලංකා මෝටර් රථ උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය හා මෝටර් රථ එකලස් කරන්නන්ගේ සංගමය සමඟ එක්ව 3 වන වරටත් සංවිධානය කළ 'රථ වාහන පෙළපාලිය' කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැත්විය.

Social and Equity

එක ම සටන් පාඨයක දිගින් දිගට එල්බගෙන ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට අන්තර්ජාලය වැනි වෙනත් දැනුම් මූලාශ්‍ර වෙත අවතීර්ණ වෙමින් හා එමගින් සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවසීය.

Social and Equity

මේ වසරේ ගත වූ මාස 05 තුළ මෙරට ඩෙංගු රෝගීන්ගේ ක්‍රමාණූකූල අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Social and Equity
ශ්රී ලාංකේය තාරුණ්යයේ විශිෂ්ටතම පරිවර්තනය "Smart Youth Exhibition 2024" වැඩසටහන ගාල්ල සමනල ක්රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
"උරුමය" වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්රික්කයේ ජනතාවට ඔප්පු බෙදා දීමේ අවස්ථාව ද, ක්රීඩා සමාජ සඳහා ක්රීඩා භාණ්ඩ ලබාදීමේ වැඩසටහන ද මෙහි දී කැපී පෙනිණ.
Social and Equity

භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Social and Equity

ජුලි මාසයේ දී ගාල්ල කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කරන බවත්, මේ වසර අවසන් වන විට කොළඹ ඇස් වාට්ටු සංකීර්ණයත්, කොළඹ මහ රෝහලත් වසර 20 කට පසු සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරිමට කටයුතු කරන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Social and Equity
දන්ත වෛද්ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික දන්ත පුහුණු පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (18) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් පවුල් සෞඛ්ය කාර්යංශ ශ්රවණාගාරයේ දී සිදු කෙරිණි .
Social and Equity
  • මඩු දේවස්ථානය සඳහා පැමිණෙන මාර්ගය දෙපස කඩිනමින් පිළිසකර කිරීමට ජනපතිගෙන් යුද හමුදාවට උපදෙස්.
  • මන්නාරමට අහිමි වු සංවර්ධනය කඩිනමින් ලබා දෙනවා.
  • මන්නාරම රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක්.
  • දේශපාලන අවශ්‍යතාවලට හසු නොවී සියලුදෙනා එක්ව රට ගොඩනඟමු – ජනපති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී කියයි.
  • වසර ගණනාවකට පසුව මන්නාරම සංවර්ධනයට විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳ විපක්ෂ පා.ම රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ජනපතිට පැසසුම්.
Social and Equity

වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ යළි දුම්රිය ධාවනය මෙවර පොසොන් සමයේ මුල්කර ගෙන ලබන 17 (සඳුදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පවසයි.

Social and Equity
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය සහ ලෝක බෞද්ධ පෙරමුණෙහි 5 වන වාර්ෂික සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්රව ජුනි 22 ආරම්භ වේ.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සම්මේලනය සඳහා රටවල් 24ක් නියෝජනය කරමින් දූතයින් 350ක් සහභාගී වීමට නියමිතය.
Social and Equity

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් රැස් කරමින්, රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

2024 ජුනි මාසයේ 1 වනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1263ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Social and Equity
සංසේචනය වූ කලලයක් ගර්භාෂයෙන් පිටත, සාමාන්යයෙන් පැලෝපීය නාල වල තැන්පත් වූ විට නාල ගැබ් ගැනීමක් සිදු වේ. මෙය බරපතල තත්වයක් වන්නේ ගැබ් ගැනීම ආරක්ෂිතව කරගෙන යා නොහැකි නිසා සහ කලින් හඳුනාගෙන වෛද්ය ප්රතිකාර වලට යොමු නොවුණහොත් පැලෝපිය නාලය පුපුරා රුධිර වහනය වීම මඟින් ජීවිත අහිමිවීමක් සිදුවීමේ අවධානමක් ඇති බැවිනි.
Social and Equity

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Social and Equity

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙතෙක් ස්ථිර පත්වීම් නොලද අනියම්, කොන්ත්‍රාත්, දෛනික හා පුහුණු පදනම යටතේ සිටි කොන්දොස්තර, රියදුරු, ලිපිකරු ඇතුලු සියලුම තනතුරුවල සිටින අය සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ(12) පස්වරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරෙණි.

Social and Equity

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි.

Social and Equity

15 වන ජාත්‍යන්තර ලෝක වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික වෙඩි තැබීමේ ශූරයින් රන් පදක්කම් 06 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනා ගෙන අද (16) සහ  ඊයේ (15 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Social and Equity

අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.