Tuesday, August 05, 2025
Follow Us
මහ­නු­වර දෙවැනි රන්දෝලි පෙර­හර අද

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ දෙවැනි රන්දෝලි පෙර­හර අද (05) වීථි සංචා­රය කරයි.

ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් රාත්‍රී 7.16ට නැ‍ඟෙන­හිර දිශා­භි­මු­ඛව පෙර­හර පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, කොළඹ වීදිය, යටි­නු­වර වීදිය, රජ වීදිය, ඊ.එල්. සේනා­නා­යක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදිය ඔස්සේ ඉහ­ළ­ට­ විත් ගෙවැ­දී­මට නිය­මි­තය.