Tuesday, January 20, 2026
Follow Us
ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම අවබෝධතා ගිවිසුමක්

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව තොතුරු හුවමාරු කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර මෙම ද්විපාර්ශ්විය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (07) සිදු  විය. 

මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා හා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අත්සන් තැබීම සිදු කළේය.