Monday, July 21, 2025
Follow Us
දුම්රිය ස්ථානවල ආරක්ෂාවට

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්ෂාවට යුද හමුදාව සහ පොලීසිය යොදවා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ වර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථාන පාලූ ස්වභාවයක් ගෙන ඇති බවයි.

මේ අතර මුහුදු බඩ මාර්ගයේ ගාල්ල සහ මාතර දුම්රිය ස්ථානවල සිට ධාවනය වූ දුම්රිය 02ක් උදෑසන 09 පමණ වනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළගා වුණා.

අද උදැසන කාර්යාලයීය දුම්රිය 08ක් කොළඹ කොටුව දක්වා ධාවනය කෙරුණු අතර එම දුම්රිය අද පස්වරුවේ, අදාළ දුම්රියන් ගමන් ආරම්භ කළ දුම්රිය ස්ථාන වෙත ධාවනය කරවීමට නියමිතයි.

(Neth)