Friday, April 03, 2026
Follow Us
දුම්රිය වැඩ වර්ජනය කල් යයි

අද මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත වැඩවර්ජනය හෙට පස්වරු 2 දක්වා කල් දැමූ බව දුමිරිය වෘත්තීය සමිති පවසනවා.

ඒ, ප‍්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග කළ ඉල්ලීමක් අනුවයි. සිය ගැටලූ සම්බන්ධයෙන් හෙට පස්වරු 2ට මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට අමාත්‍ය අර්ජුන රණතුංග පොරොන්දු වූ බව දුමිරිය වෘත්තීය සමිති ප‍්‍රකාශ කළා.

ඒ අනුව එම සාකච්ඡුාවෙන් පසු වැඩ වර්ජනය පිළිබද අවසන් තීරණයක් ගනු ඇති.

(Neth)