Thursday, July 09, 2026
Follow Us
SLT වෙතින් නවතම ස්මාර්ට් ප‍්‍රවාහන සේවයක්

ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහය විසින් නවතම ස්මාර්ට් ප‍්‍රවාහන සේවයක් හදුන්වා දී තිබෙනවා.

ඒ, කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආවරණය වන පරිදි මාස කිහිපයක් සිදුකළ අත්හදා බැලීම්වලින් අනතුරුවයි.

එස්. එල්. ටී. මූව් නමින් එය නම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම් ඩිජිටල් ඉන්ෆෝ සර්විස් පෞද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මල්රාජ් බලපිටිය අදහස් පළ කරමින් සඳහන් කළේ දැනටමත් මේ සඳහා රියදුරන් පන්දහසකට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති බවයි.

(Neth)