Wednesday, January 07, 2026
Follow Us
පොලිස්පති පූජිත් ජයසුන්දරට විමර්ශනයක්

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් කල් ඇතිව ලැබී තිබියදීත් පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු නොකලේදැයි මෙහිදි විමසා බැලෙනු ඇති.

(Neth)