Wednesday, January 07, 2026
Follow Us
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ භූමිකම්පාවක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මොරිගාඕන් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද (05)  අලුයම රික්ටර්  පරිමාණයෙන් 5.1 ක භූමිකම්පාවක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) නිකුත් කළ වාර්තාවකට අනුව, මෙම භූමිකම්පාව උදෑසන 4.00ට පමණ සිදු වී ඇත.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය 26.37° උතුරු අක්ෂාංශයේ සහ 92.29° නැගෙනහිර දේශාංශයේ පිහිටා ඇති බවත්, එහි ගැඹුර කිලෝමීටර 50ක් පමණ වන බවත් NCS වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම භූමිකම්පාව හේතුවෙන් මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.