Wednesday, January 07, 2026
Follow Us
ඉන්ධන මිලේ සංශෝධ­න­යක්

ජන­වාරි මාස­යට අදා­ළව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝ­ධ­නය කර තිබේ.

ඒ අනුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බල­පැ­වැ­ත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් ලීට­ර­යක් රුපි­යල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීට­ර­යක් රුපි­යල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීට­ර­යක් රුපි­යල් 5කින් සහ ලංකා භූමි­තෙල් ලීට­ර­යක් රුපි­යල් 2කින් මිල ඉහළ ගොස් තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීට­ර­යක මිල නොවෙ­නස්ව ඇත.

නව සංශෝ­ධ­න­යත් සමඟ ලංකා සුදු ඩීසල් ලීට­ර­යක් රුපි­යල් 279ක් දක්වාත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීට­ර­යක් රුපි­යල් 340ක් දක්වාත්, ලංකා සුපිරි ඩීසල් ලීට­ර­යක් රුපි­යල් 323ක් දක්වාත් සහ ලංකා භූමි­තෙල් ලීට­ර­යක් රුපි­යල් 182ක් දක්වාත් මිල ඉහළ ගොස් ඇත.