Sunday, April 05, 2026
Follow Us
කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි 542ක්

පොලිස් අත්අඩංගුවේ පසුවන කුරණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 542 කි.

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් ෂාෆි විසින් සිසේරියන් සැත්කම්වලට ලක් කිරීමෙන් පසු යළි පිළිසිඳගැනීමක් සිදු නොවූ බව සහ සැත්කමින් පසු සංකූලතා ඇතිවූ බව පවසමින් ඊයේ (02 දා) පෙරවරුවේ සිට මව්වරුන් 40 දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි කළහ.

(Lanka Leads)