Friday, September 12, 2025
Follow Us
අවිස්සාවේල්ල ග්‍රාමීය ප්‍රදේශවලට නව බස් රථ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සීතාවක සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස,කළ ඉල්ලීමක් අනුව අවිස්සාවේල්ල ග්‍රාමීය ප්‍රදේශ මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ 5ක් ධාවනයට එක්කිරීම ඊයේ (27)සිදු කෙරිණි.

මෙසේ අවිස්සාවේල්ල ඩිපෝව මගින් නව බස් රථ එක් කළ ග්‍රාමීය මාර්ග පහත සඳහන් වේ.

01) අවිස්සාවේල්ල සිට  බොල්ලතාව  අකරවිට හරහා හංවැල්ල දක්වා ...
02) කඩුගොඩ හංවැල්ල මාර්ගය සඳහා...
03) අවිස්සාවේල්ල සිට කුඩගම  අක්කර 20 දක්වා....
04) අවිස්සාවේල්ල කොස්ගම  කනම්පැල්ල හරහා හරහා පූගොඩ දක්වා....
05) අවිස්සාවේල්ල ඉලුක්ඕවිට තුම්මෝදර දඹෝර බෝපේ හරහා පාදුක්ක දක්වා ....
මෙම බස් රථ ප්‍රදානය කිරීම, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.