Friday, September 12, 2025
Follow Us
වගාවන් ආරක්ෂා කිරීමට ගත් තීරණය

වගාවන් ආරක්ෂා කිරීම සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.


ඒ් මහතා සඳහන් කළේ වසරක් වැනි කාලයක් තුළ වන සතුන්ගෙන් සිදු වන වගා හානිය විශාල වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි
මෙම තීරණයට අනුව බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර 5 දක්වා සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත

ඒ අනුව ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත්වන බැවින් කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා එම පියවර ගෙන ඇත.