Friday, September 12, 2025
Follow Us
ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත්

ෙඇතැම් ගුරුවරුන්, වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජනකොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත නියෝග කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

16 හැවිරිදි දැරියක මියයාම, ටියුෂන් ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනකු අපයෝජනයට ලක් කිරීම ඇතුළු මෑත කාලින සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි එම මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.