Friday, September 12, 2025
Follow Us
තේ දළු සහ අනෙකුත් කෘෂි නිෂ්පාදන සඳහා මධ්‍යස්ථානයක්

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ වන කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතියේ ( ස්ටාර් - STARR) මූල්‍ය දායකත්වය හා මගපෙන්වීමෙන් හියාරේ දකුණ කුඩා තේ වතු සංවර්ධන සමිතිය මගින් ස්ථාපනය කරන ලද ' තේ දළු සහ අනෙකුත් කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ හා අලෙවි කිරීමේ මධ්‍යස්ථානය' විවෘත කිරීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

රුපියල් මිලියන 4 ක පමණ STARR ව්‍යාපෘතිය හරහා ලබාදුන් ප්‍රතිපාදන හා ප්‍රජා දායකත්වය යටතේ ඉදිකෙරුණු මෙම මධ්‍යස්ථානය ප්‍රාදේශීය වශයෙන් ඒ හා සම්බන්ධ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වනවිටත් STARR ව්‍යාපෘතිය හරහා දිවයින පුරා බොහෝ කුඩා තේ වතු හා රබර් වතු පුනර්ජීවනය ලබමින් තිබෙන බවයි.