Friday, September 12, 2025
Follow Us
මියන්මාර් සඟ පදවි ලැබූ මහ සඟරුවනට බුහුමන්

මියන්මාර් ජනරජයේ උත්තරීතර ගෞරවයෙන් පිදුම් ලැබූ මහා සංඝරත්නය වෙත ගෞරව දැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණී.

අභිධජ මහා රට්ඨගුරු පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය කඹුරුගමුවේ වජිර නායක හිමියන්ට, අග්ග මහා පණ්ඩිත පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන්ට, අග්ග මහා පණ්ඩිත පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද නායක හිමියන්ට, අග්ග මහා පණ්ඩිත පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මුවඇටගම ඤානානන්ද නායක හිමියන්ට, සද්ධම්ම ජාතික ධජ පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ගැටබේරී කන්දේ රත්නසිරි නායක හිමියන්ට ගෞරව දැක්වීම මෙහිදී සිදු කරනු ලැබීය