Thursday, May 07, 2026
Follow Us
වෙසක් සතිය මැයි 2 සිට

මෙවර වෙසක් සතිය මැයි 02 සිට 08 දක්වා පැවැත්වෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

රාජ්‍ය වෙසක් පුණ්‍යමහෝත්සවය මැයි 04, 05 දෙදින පුත්තලම දිස්ත්‍රික්කයේ, හලාවත, මාදම්පේ, කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය මුල් කරගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.