Thursday, September 03, 2026
Follow Us
ගම්බිම් බලා ගිය පිරිසට යළි කොළඹට ඒමට විශේෂ බස් සේවාවක්

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට ප්‍රධාන නගරවල සිට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ලබන 18 වැනි දා දක්වා මෙම විශේෂ බස්සේවාව ක්‍රියාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස ප්‍රකාශ කළේ.


සියලුම ලංගම හා පුද්ගලික බස් සේවාවන් කොළඹ මධ්‍යම බස්නැවතුම් පොළ සහ බැස්ටියන් මාවත බස්නැවතුම් පොළ සිට ක්‍රියාත්මක වේ.