සිංහල අලුත් අවුරුදු උදාව සිදු වන්නේ අප්‍රේල් 14 සිකුරාද අපරභාග 02.59ටයි.
අප්‍රේල් 14 සිකුරාදා පූර්වභාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 සිකුරාදා පූර්ව භාග 8.35ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් 14 සිකුරාදා අපරභාග 2.59 සිට අපරභාග 9.23 දක්වා ආහාර පිසීම, ගනුදෙනු කිරීම හා අහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි යනුවෙන් ද නැකැත් පත්‍රයේ සඳහන් වේ.
ආහාර පිසීමේ චාරිත්‍රය අප්‍රේල් 14 සිකුරාදා අපරභාග 3.29ට යෙදී තිබේ.
විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරි බතක් තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි යනුවෙනුයි.
අප්‍රේල් 14 සිකුරාදා අපරභාග 5.05ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
අප්‍රේල් 16 ඉරිදා පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම යෝග්‍ය වේ.
අප්‍රේල් 17 සඳුදා පූර්වභාග 6.28ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි යනුවෙන් එය නැකැත් පත්‍රයේ සටහන් වේ.
අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සිදු කළ යුතු අතර අභිනව සූර්ය වර්ෂය සඳහා නව සඳ බැලීම අප්‍රේල් 23 ඉරිදාට යෙදී තිබේ.