Sunday, April 05, 2026
Follow Us
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අගතියට පත්වූ පෞද්ගලික බස් හිමියන්ට සහන

පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් අගතියට පත්වූ පෞද්ගලික බස් හිමියන් සඳහා සහන ලබා දීමට මුදල් අමාත්‍යාශය එකඟ වී තිබෙනවා.

කල්බදු වාරිකවලට අදාළව මෙම සහනය ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟ වූ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ.

රට පුරා දැනට ධාවනයේ ඇති පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 20,000කට ආසන්නයි. ඒවායෙන් සියයට 40ක් පමණ කල්බදු පදනම මත ලබා ගත් ඒවා බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

(Neth)