Saturday, September 13, 2025
Follow Us
ජාතික සංවර්ධනයට සමඟිය සහ සහජීවනය අවශ්‍යයි - ආරක්‍ෂක රාජ්‍ය ඇමැති

ඉදිරියට යාමට නම් සියලු ජනතාව ජාතික සංවර්ධනය වෙනුවෙන් එකමුතු වී සහජීවනයෙන් කටයුතු කළ යුතු බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

පසුගිය කාලයේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජය ගත් විශේෂ උත්සහයේ ආර්ථික ප්‍රතිලාභ මේ වන විට ජනතාව භුක්ති විඳීමට පටන් ගෙන ඇති බව ද ඒ් මහතා පෙන්වා දුන්නේය.

ඊයේ (05) බේරුවල පැවති ‘ඉෆ්තාර්’ ඉස්ලාමීය රාමසාන් උපවාස උත්සවයකට සහභාගි වෙමින් ඒ් මහතා මේ බව පැවසිය.