Saturday, September 13, 2025
Follow Us
7,000 එන්නත 77,000ට

රුපියල් හත්දහසකට මිලදී ගත හැකි "ගැන්සයික්ලෝවියන්" නමැති ප්‍රති වයිරස එන්නත රුපියල් හැත්තෑහත්දහසකටත්, රුපියල් දෙසීයකට ඇති "ලිනොසොලිඩ්" නමැති ප්‍රතිජීවකය රුපියල් දෙදහස් දෙසීයකටත් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන බවට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරන බව වාර්තා වෙයි.

අසියානු සංවර්ධන අරමුදල හරහා මෙම ඖෂධ මිලදී ගැනීමට සූදානම් වන බවද එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුව හේතුවෙන් රට අනවශ්‍ය ණයකරුවන් වන නමුත් ඊනියා මාර්ගෝපදේශ හරහා සිදුවන මෙවැනි තාක්ෂණික හොරකම් නැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු උත්සාහයක් නොගන්නේ, තීරණ ගන්නා ඇතැම් නිලධාරීන්ද මෙම ගනුදෙනුවල කොටස්කරුවන් වී ඇති නිසා බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.