Saturday, September 13, 2025
Follow Us
නුවරඑළිය වසන්ත සැණකෙළිය 2023 ඇරඹේ
සෑම වසරකම අප්රේල් මාසය පුරා නුවරඑළිය නගරය කේන්ද්ර කරගනිමින් පැවැත්වෙන වසන්ත සැණකෙළිය 2023 මෙවරත් උත්සවාකාරයෙන් ඊයේ (01) ආරම්භ විය.

 

නුවරඑළිය මහා නගර සභා නාගරික කොමසාරිස් හා අතිරේක දිස්ත්රික් ලේකම් එස්.පී.කේ.බෝධිමාන්න මහත්මියගේ ආරාධනයෙන් මධ්යම පළාත් ප්රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්රධානත්වයෙන්, හා නුවරඑළිය දිස්ත්රීක් ලේකම් නන්දන ගලබොඩ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වීම විශේෂිතයි.
පාසල් ළමුන්, ත්රිවිද හමුදාව හා පොලිසිය ඉදිරිපත් කළ තූර්ය වාදක සංදර්ශණ මගින් මෙම උත්සවය විචිත්රවත් කෙරිණි.