Saturday, September 13, 2025
Follow Us
ජාතික හැදුනුම්පත් හා විදේශ බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන්නන්ට පහසුකමක්

ජාතික හැදුනුම්පත් හා විදේශ බලපත්‍රලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ආසන පහසුකම් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර හා ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට දෛනිකව විශාල පිරිසක් මෙම ආයතන සඳහා පැමිණෙයි. මොවුන්ට වාඩි වි සිටිමට සිදු වන්නේ ගස්යට, තාප්ප හා මහපාරේය.

පසුගිය දා නාගරික සංවර්ධ අධිකාරියේ සභාපති රමේෂ් හේරත් මෙම ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක යෙදි මෙන් අනතුරුව මෙම ආසන පැනවීමට පියවර ගෙන තිබේ.