Saturday, September 13, 2025
Follow Us
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට දින නියම වෙයි

කොරියානු රැකියා ලබා දීම සඳහා පැවැත්වීමට නියමිත විභාග වන නිෂ්පාදන අංශයට අදාළ කොරියානු භාෂා විභාගය මාර්තු 13 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ධීවර ක්ෂේත්‍රයේ භාෂා ප්‍රවීණතා විභාගය සැප්තැම්බර් 01 වැනිදාට පැවත්වීමට සැලසුම් කර තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම වසරේ පැවැත්වීමට නියමිත හත් වැනි කොරියානු භාෂා විභාගයට අපේක්ෂකයන් 85,072ක් අයදුම් කර ඇත. ඒ ඉතිහාසයේ වැඩි ම අයදුම්කරුවන් ලියාපදිංචි වූ විභාගය ලෙසයි. ලියාපදිංචි වූ අයදුම්කරුවන් අතරින් 13000ක පිරිසකට මේ වන විටත් විභාග ප්‍රවේශපත්‍ර යොමුකර අවසන්.

මෙවර කොරියානු රැකියා කෝටාව 6500ක් වන අතර මෙම රැකියා අවස්ථා 6500 සඳහා අයදුම්කරුවන් 14588කට පොරොත්තු ලේඛණයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ නිෂ්පාදන අංශය 12189ක්, ධීවර අංශය 2149ක් සහ ඉදිකිරීම් අංශයේ 250ක් ලෙසිනි.


ඉකුත් වසරේ දී කොරියානු භාෂා විභාගයට අයදුම්කරුවන් 31378ක් අයදුම්කර තිබුණු අතර 5047ක රැකියා කෝටාවක් හිමි විය.