Saturday, September 13, 2025
Follow Us
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව යුද ස්මාරකය විවෘත කෙරේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද යුද ස්මාරකය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් විසින් ඊයේ(17) විවෘත කරන ලදී.

 එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ කුරිරු ග්‍රහණයෙන් මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම සඳහා උත්තරීතර ලෙස තම ජීවිත පරිත්‍යාග කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි සියලුම රණවිරුවන්ට උපහාරයක් වශයෙන් නව යුද ස්මාරකය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ දායකත්වයෙන් ඉදි කර ඇත.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා‌ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.