Thursday, May 07, 2026
Follow Us
ටිකට් වෙනුවට නව ප්‍රවාහන කාඩ්පතක්

බස් සහ දුම්රිය ටිකට්පත් වෙනුවට නව ප්‍රවාහන කාඩ්පතක් හඳුන්වාදීම සඳහා ගිවිසුමක් අද අත්සන් කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධ කර ගනිමින් මෙම ගිවිසුමක අත්සන් කර ඇත.

මාකුඹුර ගාලු අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා මෙම නව සේවාව වහා ආරම්භ කිරිමට නියමිත අතර දිවයින පුරා කඩිනමින් මෙම ක්‍රමය ව්‍යාප්ත කිරීමට නියමිතයි.

එමෙන්ම මාර්තු මාසය අවසන් වන විට ජංගම ගෙවීම් ද සක්‍රීය වන බවද වැඩිදුරටත් දැනුම් දී තිබේ