Thursday, July 09, 2026
Follow Us
වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි 16 ක්

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්ත විසින් නීතිවිරෝධී වඳ සැත්කම් කර ඇති බවට කාන්තාවන් 16දෙනෙකු පැමිණිලි කර තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේ කුරුණෑගල , වාරියපොළ , ගලේවෙල , දඹුල්ල , මාවතගම , මැල්සිරිපුර ආදි ප්‍රදේශවල විවාහක කාන්තාවන් ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි.

සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්තා පෙරේදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම වෛද්‍යවරයා සම්බන්ධ වඳ සැත්කම් පිළිබඳ පැමිණිලි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

(Aruna)