Sunday, September 14, 2025
Follow Us
අනුරාධපුරයට විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයක්

සාත්තු සේවා ක්ෂේත්‍රයේ විදෙස් රැකියා සඳහා රැකියා අපේක්ෂකයන් පුහුණු කිරීම පිණිස අනුරාධපුර, විජයපුර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අනුරාධපුර දිස්ත්‍රීක් කම්කරු කාර්යාලය නිරීක්ෂණය කළේයකළේය.

සේවා සැපයීමේ දී නිලධාරීන් මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා සේ ම කාර්යල පරිශ්‍රයේ පහසුකම් සම්බන්ධයෙන් ද විමසා බැලූ අමාත්‍යවරයා කම්කරු කාර්යාලයෙන් සේවා ඉටුකර ගැනීමට පැමිණෙන මහජනතාවට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතාත්, එකී දුෂ්කරතා අවම වන පරිදි සේවා සැපයිය යුතු ආකාරය සම්බන්ධයෙන් ද  නිලධාරීන්ට උපදෙස්  දුන්නේ ය.