Sunday, September 14, 2025
Follow Us
බිත්තර ආනයනයට කුමක් සිදු වෙයිද? 

බිත්තර ආනයනය කිරීමට නිර්දේශය ලබා නොදීමට සත්ත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මතු කරන තර්කය පිළිගත නොහැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශ කරයි. 

බිත්තර ආනයක කරන ලෙස විවිධ පාර්ශයන් ප්‍රකාශ කළත් ආනයනය කිරීමක් දක්නට නොමැති බවත් එය ඒ තරම් හොඳ තත්ත්වයක් නොවන අතර යළි බිත්තර මිලෙහි වෙනසක් සිදු විය හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ  අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු හා තොරතුරු)  අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. 

කුරුළු උණ පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පසුගියදා පැවසුවාය.