Sunday, September 14, 2025
Follow Us
රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති අන්තර්ජාතික සම්මුතීන්ට අනුගතව කටයුතු කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් ඇති රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා පසුගිදා රැස්වී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අනුව ලොව පුරා මේ වන විට රසායනික ද්‍රව්‍ය 350,000ක් පමණ වෙළෙඳපොළේ පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම හේතුවෙන් වර්ෂයකට පුද්ගලයින් මිලියන 2ක් පමණ මරණයට පත් වේ. එමෙන්ම, රසායනික ද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් විවිධ රෝගාබාධවලට පුද්ගලයින් ලක් වන බව තහවුරු වී තිබේ.

රසායනික ද්‍රව්‍ය පරිහරණයේදී පරිසරයට හා මානව සෞඛ්‍යයට ඇති කරන සෘණාත්මක බලපෑම සැලකිල්ලට ගෙන, එක්සත් ජාතීන්ගේ 21 වන න්‍යාය පත්‍රයෙහි "විෂ රසායනික ද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස මනාව කළමනාකරණය" ගෝලීය වශයෙන් ප්‍රමුඛත්වයෙහිලා අවධානය යොමු කළ යුතු කරුණක් වශයෙන් හඳුනාගෙන ඇත.