Saturday, October 10, 2026
Follow Us
කොහුවලට සහ ගැටඹේට ගුවන් පාලම් 2ක් !

කොහුවල සහ ගැටඹේ මංසන්ධිය ආශ්‍රිතව පවතින අධික වාහන තදබදයට විසදුමක් ලෙස ගුවන් පාලම් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.


මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අරමුදල් හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව සලසා ගැනීමේ ණය ගිවිසුම්වලට එළඹීමටත් අනුමැතිය හිමිව ඇත.
ගුවන් පාලම් සැලසුම් කිරීම හා ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව හංගේරියාවේ Betonutepio පොදු සමාගම වෙත යුරෝ මිලියන 52ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද මෙහිදී අනුමැතිය හිමිව තිබේ.

(News Tube)