Tuesday, September 01, 2026
Follow Us
ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්

පසුගිය සතිය තුළදී ඩෙංගු රෝගීන් 925 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අතරින් රෝගීන් 220 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 96 දෙනෙක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 70 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 62 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ ගතවූ සති 05 ක කාලය තුළ මෙරටින් වාර්තාවී ඇති මුලු ඩෙංගු රෝගීන් ගණන 8,015 ක් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

(Neth)