Friday, March 06, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


නුවරඑළිය, රත්නපුර, ගාල්ල සහ මාතර සහ දිස්ත්‍රික්කවල සවස් කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

(Aruna)