Monday, May 04, 2026
Follow Us
දියනෑමට ගිය සිසුන් පිරිසක් දියවැලකට හසුවෙයි

මොරගල්ල මුහුදේ සිදු වූ අනතුර


අලුත්ගම මොරගල්ල මුහුදේ දියනෑමට ගිය සිසුන් පස්දෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ සිව්දෙනෙකුගේ දිවි බේරාගැනීමට අවට සිටි පිරිස් සමත් වුණා.

එහිදී 16 හැවිරිදි වියේ පසු වූ සිසුවෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා.

(Aruna)