Tuesday, September 01, 2026
Follow Us
තෙල් නැති වුණොත් කෝච්චි දුවන්න බැරිවෙයි

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දෛනිකව ලබා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු මතුවිය හැකි බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

මරදාන දුම්රිය සේවක සංගම් කාර්යාලයේ අද(25) පැවති මාධ්‍ය හමුවක දී දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා මේ බව පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන ලීටර් ලක්ෂ 5ක 6ක පමණ සංචිතයක් තිබුනත් මේ වන විට එය ලක්ෂ තුන හමාර දක්වා අඩුවී ඇති බව ඵු සඳහන් කරයි.

නියමිත පරිදි දුම්රිය ධාවනය වන්නේ නම් දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් වැයවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)