Thursday, March 05, 2026
Follow Us
අජිත් රෝහණට තවත් තනතුරක්

පොලිසියට ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයෙක්


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කෙරේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ඔහු මෙම තනතුරට පත් කර ඇත.

අපරාධ හා රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව ඔහුට මෙම තනතුර පිරිනමා ඇත.

(Aruna)