Friday, February 20, 2026
Follow Us
නිරෝධායන අවසන් කළ ගුවන් මගීන්ට අද සිට සහනයක්

කොරෝනා වසංගත තත්ත්වය මත නිරෝධායන ක‍්‍රියාවලියට යොමුවීම හේතුවෙන් ගුවන්තොටුපොළ බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වූ ගුවන් මගීන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික් සමාගමේ අලෙවි කළමනාකරණ හා ආයතනික සන්නිවේදන අංශයේ ප‍්‍රධානී ආචාර්ය සුමිත් ද සිල්වා පැවසුවේ තම නිරෝධායන ක‍්‍රියාවලිය අවසන් වූ දින සිට මාසයක කාලයක් තුළ ගුවන්තොටුපොළ වෙත පැමිණ එහි පිහිටි බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව සලසා ඇති බවයි.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය ද අද පෙරවරු 09.00 සිට යළි විවෘත කෙරුණා. ඒ අනුව එක් ගුවන් මගියෙකුට මහජන ආලින්දය වෙත එක් අමුත්තෙකු පමණක් රැගෙන පැමිණිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැුදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 269 දෙනෙකු අද අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

(Neth)