Tuesday, April 21, 2026
Follow Us
විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 149ක් දිවයිනට

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද මැදපෙරදිග සහ යුරෝපයේ සිට යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර් හි සිට පුද්ගලයින් 95දෙනෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 49දෙනෙක් සහ ජර්මනියේ සිට පුද්ගලයින් පස්දෙකේ දිවයිනට පැමිණ ඇත.

ඔවුන් 149දෙනා පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසු නිරෝධායනය කටයුතු සදහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

(Aruna)