Thursday, April 02, 2026
Follow Us
රට සාමාන්‍ය අතට : යළිත් කුඩු තොග අහුවෙන්නට පටන් ගනී !

හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 60ක් සමඟ පුද්ගලයින් 9 දෙනෙකු ඊයේ (12) නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ගාලු වරායට ආසන්න මුහුදේ විදේශීය යාත්‍රාවක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව මේ වනතෙක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග හසුවූයේ නැත. ඊට පෙර යුගයේ නම් මසකට වතාවක් හෝ හෙරොයින් කිලෝ ග්‍රෑම් දෙතුන් සීයක් හමුවීම හෝ ශ්‍රී ලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගයේ වාර්තාව අලුත් වීම සිදු විය.

මේ අනුව පෙනී යන්නේ රට යළි සාමාන්‍ය තත්වයට නොහොත් පරණ තත්වයටම හැරී ඇති බවය.

(LNW)