Thursday, February 19, 2026
Follow Us
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 609ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් ද සිටින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ඊට අමතරව ගාල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙක් ද, බේරුවල ප්‍රදේශයෙන් 20ක් ද සිටිනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින් 40ක් ද ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3426ක් වනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6896ක් වේ. එම පිරිසෙන් සම්පුර්ණ සුවය ලැබූ පිරිස 3644ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 3238ක් වේ.

(NEth)