බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දිමක් සිදු කර තිබේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් දූපත්වලට උතුරින් පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළදී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර එහි බලපෑම හේතුවෙන් හෙට (19) දින සිට ඉදිරි දිනවලදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය වැඩි විය හැක.
පහත සිතියමේ “Advisory” කාණ්ඩය යටතේ ලකුණු කරඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.
