අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ සඳහා ලබාදී තිබූ වසරක පමණ සහන කාලය අදින් අවසන් වන බැවින්, හෙට සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය සඳහන් කර තිබේ.