Wednesday, May 01, 2024
Follow Us
Silver tips තේ වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ අද ඇරඹේ

තේ කර්මාන්තයේ දී මිල අධික තේ වර්ගයක් වන Silver tips තේ වගාව දකුණු පළාත තුළ ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් අද (19) සිට ආරම්භ කිරීමට කුඩා තේවතු සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබේ.

 

ඒ අනුව දැනට තේ වෙළඳ පළෙහි මිල අධික තේ විශේෂයක් ලෙස සැළකෙන Silver tips තේ නිෂ්පාදනය කිරිම සඳහා යොදා ගැනෙන 20/43 නැමැති තේ ප්‍ර‌‍භේදය දකුණු පළාතේ පවුල් 300ක ගෘහණියන් අතර බෙදා දීමට සැලසුම් කර තිබේ.

මෙහි සමාරම්භක වැඩසටහන හෙට  (19) පෙරවරු 10.00ට කටුවන දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

මේ යටතේ එක් ගෘහණියකට 20/43 තේ පැළ 300ක් බැගින් ලබා දෙන අතර එම වගාව සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මෙන්ම ජල පොම්ප ද කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින්  නොමිලයේ සපයයි.ෙ‍ෙ

මෙම Silver tips තේ  සඳහා යොදා ගන්නා 20/43 තේ කිලෝග්‍රෑම් එකක් රුපියල් ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර මිලකට අලෙවි කරනු ලබයි.

මෙම වැඩපිළිවෙළ අනුව වසරක් තුළ මෙම එක් ගෘහණියකට මාසයකට රුපියල්  ලක්ෂ එකහමාරක පමණ ආදායමක් Silver tips තේ වගාව මගින් උපයා ගැනීමට හැකි වන බව කුඩා තේවතු සංවර්ධන අධිකාරිය පවසයි.