Wednesday, May 14, 2025
Follow Us
දුම්රිය වෘත්තීය සමිති 'වර්ජනය' ගැන තීන්දුවක් ගනී

සෑම බ‍්‍රහස්පතින්දාවකම මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් පවසන්නේ ප‍්‍රවාහන බලධාරීන් දුම්රිය සේවක අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තිය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි.

ඒ පිළිබද කරුණු දැක්වූ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ සියලුම වෘත්තීය සමිති මේ සඳහා එකතු වෙන බවයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියළු දුම්රිය වෘත්තිය සමිති අද (03) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

(Neth)