Friday, October 09, 2026
Follow Us
වැටුප් නොමැතිව කුවේට්හි රැඳී සිටි 35දෙනෙකු යළි දිවයිනට

කුවේට්හි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්‍රතිලාභ හිමිනොවූ ශ්‍රමිකයින් 35දෙනෙකු අද යළි දිවයිනට පැමිණියා. ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන්. සේවා ගිවිසුමේ පරිදි හා පොරොන්දු වූ පරිදි වැටුප් හා වරප්‍රසාද නොලැබෙන බවට අදාළ පිරිස කුවේට් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර තිබුණා.

ඒ පිළිබඳ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අවධානය යොමු වූ අතර ඔහුගේ උපදෙස් පරිදි මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

(Neth)